කොරෝනා වෛරස් මරණ 54 දක්වා ඉහළට - සීග්‍රයෙන් පැතිරෙන බවට චීන ජනපති අනතුරු අඟවයි - සැකකටයුතු ආසාදිත කාන්තාවන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලේ

Sunday, 26 January 2020 - 7:31

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+54+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9F%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93.%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
නව මාරාන්තික කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිරෙන බවට චීන ජනපති ෂී ජින්පින්  අනතුරු ඇඟවීමක් කළා.

ඒ, චීන ලූනා නව වසරේ නිවාඩුව පිළිබඳ එරට රජයේ විශේෂ රැස්වීමකින් අනතුරුවයි.

එමෙන්ම වෛරසයෙන් නියුමෝනියා තත්ත්වය ඇතිවී මියගිය සංඛ්‍යාව 54 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

හුබෙයි ප්‍රාන්තයේ නව මරණ 13ක්  මෙන්ම, නව ආසාදිතයන් 323 ක් වාර්තාවී ඇති අතර, මේ වනවිට අසාදිතයන්ගේ මුළු සංඛ්‍යාව 1610ක් බවයි චීන රජය ප්‍රකාශ කළේ.

මේ අතර කොරෝනා වෛරසය පැතිරයමින් පවතින චීනයේ වූහාන් නගරයේ වෙසෙන සියලූ ශ්‍රී ලාංකික සිසුන් වහාම මෙරටට ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශ සබඳතා අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය, බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ හුබෙයි ප්‍රාන්තයේ ශ්‍රී ලංකා දූත කාර්යාලය සහය කරගන්නා ලෙස දැනුම් දී ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කළා.

මේ අතර, අයි.ඩී.එච්. උණ රෝහල හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කෙරුණු කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැක කෙරෙන කාන්තාවන් දෙදෙනාගේ සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

කොරෝනා වෛරසයට අදාළ රෝග ලක්ෂණ අදාළ කාන්තාවන් දෙදෙනාගේ පෙන්නුම් කරන අතර, මේ වනවිටත් කොරෝනා වෛරසය වැළදී ඇත්ද යන්න පිළිබඳව නිශ්චිතව සඳහන් කළ නොහැකි බවයි රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අදාළ කාන්තාවන් දෙදෙනාගේ එක් අයෙකු චීන ජාතික කාන්තාවක් වන අතර, ඇය මීට දින කිහිපයකට පෙර සංචාරක වීසා මත මෙරටට පැමිණ තිබෙනවා.

රෝහල් ගත කෙරුණු අනෙක් කාන්තාව ශ්‍රී ලාංකිකයෙකු වන අතර, චීනයේ උසස් අධ්‍යාපනය ලැබූ ඇය මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අදාළ වෛරසය චීනය තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා වූහාන් නගරය ඇතුළු නගර 18ක් මුළුමනින්ම වසා දැමීමටයි එරට බලධාරින් මේ වනවිටත් කටයුතු කර ඇත්තේ.

ඒ හේතුවෙන් එම නගර තුළ සිරවී සිටින පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 56 කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් වන හර්ෂනී අනුරාධා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ එහි ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 44 දෙනෙකු සිටින බවයි.

ඇගේ සැමියා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වන අතර, ආචාර්ය උපාධිය හැදැරීම සඳහා එහි ගොස් තිබෙනවා.

මිලියන 11ක් වෙසෙන වූහාන් නගරයේ මේ වනවිට ආහාර සහ ජලය පවතින්නේ සතියකට පමණ කාලයක් සඳහා පමණක් බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

 එමෙන්ම තම පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු ඇතුලූ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට පියවරක් ගන්නා ලෙස ඇය ඉල්ලීමක්ද කර තිබෙනවා.

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයන වූහාන් නගරයට ඇතුළුවීම සහ ඉන් පිටවීම චීන බලධාරීන් විසින් මේ වනවිට තහනම් කර ඇති අතර, බීජිං හි වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ. යෝගානන්දන් ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු නගරය තුළ රැඳී සිටින බවයි.

අදාළ තහනම ඉවත් කළ වහාම එම සිසුන් සියළු දෙනා මෙරටට ගෙන්වා ගැනීමට පියවර අවශ්‍ය පියවර ගෙන ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ සඳහන් කළා.

එහි සම්පූර්ණ වියදම රජය විසින් දරනු ඇති.

මේ අතර, නව කොරෝනා වෛරසය ඇස් හරහා බෝ වීමට හැකියාව පවතින බවට චීන වෛද්‍ය විශේෂඥ වෑන් ගුවන්ෆා අදහස් පළ කර තිබෙනවා.

2003 වසරේ චීනයේ ඇති වූ සාස් වෛරස් රෝගයට ප්‍රතිකාර කළ ඔහුට ද එම වෛරසය ආසාදනය වුණා.

ආරක්ෂිත ඇස් ආවරණ නොපැළදීම හේතුවෙන් තමාට එම වෛරසය ආසාදනය වූ බව පවසන ඔහු කියා සිටියේ නව කොරෝනා වෛරසය ද එලෙස ඇස් හරහා සම්ප්‍රේෂණය විය හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories