IDH රෝහලට ඇතුළත් කළ සිව්දෙනාට කොරෝනා වෛරසය වැළඳී නැහැ - වෛද්‍ය පර්යේෂණ ආයතනය තහවුරු කරයි

Sunday, 26 January 2020 - 10:54

IDH+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%9A%E0%B7%82%E0%B6%AB+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වූ සැකය මත අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කෙරුණු හතරදෙනෙකුගේ මූලික සාම්පල පරික්ෂාවන්ට අනුව ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව අනාවරණ වී තිබෙනවා.

එම රෝගීන්ගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වැඩිදුරටත් සනාථ කළා.

කෙසේ වෙතත් මෙම රෝගීන්ගේ සාම්පල පිළිබඳ ද්වීතික මට්ටමේ රසායනාගාර පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙමින් පවතිනවා.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ අවශ්‍ය වුවහොත් එම සාම්පල ඉහළ තාක්ෂණික පරීක්ෂාවක් සඳහා විදේශ රසායනාගාර වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

එමෙන්ම මෙම සැකසහිත රෝගීන් සිව්දෙනාගේ සම්පල එච්.වන් - එන් වන් ඇතුලූ වෙනත් වෛරස රෝග පරීක්ෂාවන්ටද යොමු කර ඇති බවයි අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කෙරුණු අයි.ඩී.එච්. උණ රෝහල හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කෙරුණු කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැක කෙරෙන රෝගීන් අතර චීන කාන්තාවක්ද වනවා.

මීට අමතරව චීනයේ උසස් අධ්‍යාපනය ලබමින් සිට මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණි කාන්තාවක්ද ඒ අතර සිටින බවයි වාර්තාවන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories