කැනඩාවෙනුත් කොරෝනා ආසාදිතයෙක් - චීනයේ මරණ සංඛ්‍යාව 56 දක්වා ඉහළට - 237ක් අසාධ්‍ය තත්ත්වයෙන්

Sunday, 26 January 2020 - 12:54

%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+56+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+237%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
මධ්‍යම චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරය කේන්ද්‍ර කොටගෙන පැතිරෙන මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැළකෙන පුද්ගලයෙකු කැනඩාවෙන්ද ප්‍රථම වරට හමුවී තිබෙනවා.

ඔහු චීනයේ වූහාන් නගරයේ සිට නැවත කැනඩාවේ ටොරොන්ටෝ වෙත පැමිණි 50 හැවිරිදි පුද්ගලයෙක්.

සාස් වෛරසයට සමාන කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් නියුමෝනියා තත්ත්වය වැළඳී මියගිය සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2000කට ආසන්න වී ඇති බව සඳහන්.

ඉන් 237 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.

චීනයේ කොරෝනා වෛරස් මරණ සියල්ලන් පාහේ වූහාන් නගරයෙන් වාර්තා වුවද ප්‍රථමවරට ෂැංහයි නුවරද වෛරස් ආසාදිතයෙකු මියගිය බව නාගරික පරිපාලනය සනාථ කළා.

මේ අතර කොරෝනා වෛරසයේ අවදානම හේතුවෙන් හොංකොං නුවර ඩිස්නිලන්තය නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට එහි බලධාරීන් අද පියවර ගත්තා.

නරඹන්නන්ගේ මෙන්ම එහි සේවකයන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව  උදෙසා එම පියවර ගත් බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

ඊට අමතරව හොංකොං හි සංචාරකයන් අතර ප්‍රචලිත සමුද්‍ර උද්‍යානයද වසා දමා ඇති බව සඳහන්.

කොරෝනා වෛරසයේ අවදානම හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ හොංකොං ප්‍රධාන විධායක නිලධාරිනී කැරී ලෑම් කියා සිටියේ චීනයේ සිට පුද්ගල සංචරණය සීමා කිරීමටද පියවර ගෙන ඇති බවයි.

මාරාන්තික කොරෝනා වෛරසය කේන්ද්‍රගතවී ඇති චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ සිටින සිය රාජතාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉවත් කරගැනීම සඳහා ඇමරිකානු රජය කුලී ගුවන් යානයක් යොදවන බව සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවාව සඳහන් කළා.

වූහාන් නගරයේ ඇමරිකානු කොන්සල් කාර්යාලයක් පිහිටුවා ඇති අතර, මේ වනවිට එය තාවකාලිකව වසා දමා ඇති බව සඳහන්.

කෙසේ නමුත් එලෙස ඇමරිකානුවන් ඉවත් කරගැනීම රඳා පවතින්නේ චීන රජය ඒ සඳහා ලබාදෙන අවසරය මත පදනම්ව බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories