කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මතු වූ සැකය මත අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කළ රෝගීන් සිව්දෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බවට සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.
සැකකටයුතු රෝග ලක්ෂණ හේතුවෙන් චීන ජාතිකයින් තුන්දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු අංගොඩ උණ රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවේ ඊයේ (26) සහ පෙරේදා (25) දිනයන්වලදීයි.
ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණවලදී මොවුන්ට මෙම වෛරසය ආසාධනය වී නොමැති බවට හෙළි වූ අතර එහි අවසන් වාර්තාව අද (27) නිකුත් කරමිනුයි එය තවදුරටත් තහවුරු කර ඇත්තේ.
මීට අමතරව මලයාසියාවේ ක්වාලම්පූර් නුවර සිට ඊයේ (26) පැමිණි ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් සහ පාකිස්ථාන ජාතික පුද්ගලයෙකු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔවුන්ගේ සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතන වෙත ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.
කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බවට වූ සැකය මත රෝගීන් 10 දෙනෙකු අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ මේ වනවිටත් ප්‍රතිකාර ලබනවා.
විදේශිකයන් 07 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකු ඒ අතර වන බවයි එම විද්‍යායතනයේ ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.
කොරෝනා වෛරසය මෙරටට ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, වසංගත රෝග විද්‍යා අංශය, විදේශ සබඳතා අමාත්‍යාංශය සහ කටුනායක ගුවන් තොටුපල ඇතුලු අංශ ගණනාවක් මේ වනවිට විශේෂ වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා ගණනාවක් අද (27) දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වෙන බවයි වාර්තාවන්නේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් වන තාක්ෂණික උපදෙස් ලබාගැනීම සඳහා අදාළ අංශ කැඳවා සාකච්ඡාවක් සිදුකරන බවයි.
කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීම සඳහා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත පත් කෙරුණු ජාතික ක්‍රියාකාරී කමිටුව අද (27) පස්වරු පහට රැස්වීමට නියමිතයි.
මෙම කමිටුවට ජනාධිපති අතිරේක ලේකම් රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, ඇතුළු 15 දෙනෙකු ඇතුළත් වනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දිවයින පුරා සියලුම වෛද්‍යවරුන් මේ වනවිට දැනුවත් කර ඇති බවයි.
මේ අතර චිනයේ සිට පැමිණෙන මගීන් වෙනම දොරටුවකින් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයට ඇතුළත් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා. ඊට අමතරව සෑම ගුවන් මගියෙක්ම උණ රෝගය පරීක්ෂා කිරීම සඳහා භාවිත කෙරෙන විශේෂ ස්කෑනර් යන්ත්‍ර හරහා පරික්ෂාවට ලක් කිරීමද සිදු කෙරෙනවා.

Follow US
Most Viewed Stories