කොරෝනා තවදුරටත් ව්‍යාප්ත වෙයි - මරණ 80ක්, 324කට බරපතලයි - චීන අගමැති වූහාන්හි සංචාරයක

Monday, 27 January 2020 - 13:05

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+80%E0%B6%9A%E0%B7%8A%2C+324%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%96%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%84%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A
කොරෝනා වෛරසය තවදුරටත් චීනය තුල ව්‍යාප්ත වෙමින් පවතින බවට විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් වෛරසය දරුණු ලෙස පැතිර යන වූහාන් නගරයට අද (27) චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑන් ගොස් තිබෙනවා.

මුඛ ආවරණ පැළඳ ආරක්ෂිත නිල් පැහැති ප්ලාස්ටික් ඇඳුම් කට්ටලයකින් සැරසී චීන අග්‍රාමාත්‍යවරයා වූහාන් වෙත ගොස් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඔහු කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ද හමුවී ඔවුන්ගේ සුවදුක් විමසීමට නියමිතයි.

වෛරසය ව්‍යාප්තිය මර්දනය සඳහා අග්‍රාමාත්‍යවරයා ක්‍රියාකාරී කමිටුවක්ද පත් කර තිබෙනවා.

විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ වූහාන් නගරයේ පමණක් මිලියන 11ක ජනතාවක් නිරෝධායන තත්ත්වයේ පසුවන බවයි.

කොරෝනා වෛරසයෙන් මේ වනවිට චීනයේ පුද්ගලයන් 80 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 2744 ක වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඉන් 324 කගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මියගිය අයගෙන් වැඩි පිරිසක් වැඩිහිටි පුද්ගලයන් සහ පූර්ව ශ්වසන ආබාධ සහිත වූවන් බවයි අනාවරණය වී ඇත්තේ.

තායිලන්තය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව ඇතුළු විදෙස් රටවල් රැසකින් කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වූ සිද්ධීන් 42ක් වාර්තා වී තිබෙනවා.

දකුණු කොරියාවේ කොරෝනා ආසාධිත වූ බවට තහවුරු වූ පුද්ගලයන් 04 දෙනෙකු සිටින බව එරට වාර්තා අද අනාවරණය කළා.

මේ අතර කොරෝනා වෛරසයේ පූර්ව රෝග ලක්ෂණ පහළවීමට පෙර පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට වෛරසය බෝවන බවටයි චීන නිලධාරීන් අනාවරණ කර ඇත්තේ.

මේ හේතුවෙන් වෛරසය පැතිරයාමේ අවදානම ඉහළ බවයි ඔවුන් කියා සිටියේ.

එමෙන්ම චීනයේ කොරෝනා වෛරසය පවතින නගරවලට පනවා ඇති සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ලූනා නව වසර වෙනුවෙන් ලබාදී තිබූ නිවාඩු කාලයද දීර්ඝ කිරීමට එරට බලධාරින් පියවර ගෙන ඇති බවයි.

පවතින තත්ත්වය හමුවේ චීනයේ පැවැත්විමට නියමිතව තිබූ ජාත්‍යන්තර තරඟ දෙකක සත්කාරකත්වය චීනයට අහිමිවී තිබෙනවා.  

පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත වූ ආසියානු ගෘහස්ථ මළල ක්‍රීඩා තරඟයේ සහ මාර්තු මස 13 සිට 15 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ලෝක ගෘහස්ථ මළල ක්‍රීඩා තරඟයේ සත්කාරකත්වයයි මෙලෙස අහිමිවී ඇත්තේ.

මේ අතර කොරෝනා වෛරසය මර්දනයට චීනය, යුආන් බිලියන 11.21 ක මුදලක් වෙන් කර ඇති බව එරට මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

වෛද්‍ය ප්‍රතිකාර, වෛද්‍ය උපකරණ හා වසංගත පාලන ද්‍රව්‍ය ප්‍රසම්පාදනය සඳහා එම මුදල් යොදවා ඇති බව සඳහන්.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories