කොරෝනා නිසා මියගිය ගණන තවත් ඉහළ යයි - බීජිං නගරයෙන් පළමු මරණය වාර්තා වෙයි

Tuesday, 28 January 2020 - 6:39

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B6%E0%B7%93%E0%B6%A2%E0%B7%92%E0%B6%82++%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
චීනයේ බීජිං නුවරින් ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ප්‍රථම මරණය වාර්තා වී තිබෙනවා.

මෙතෙක් එම වෛරසය ආසාදනය වී නියුමෝනියා තත්ත්වය ඇති වීමෙන් මරණ බහුතරයක් වාර්තා වූයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නුවරින්.

ෂැංහයි නුවරින් ද එක් මරණයක් වාර්තා වූ අතර බීජිං අගනුවරින් මරණයක් වාර්තා වීම වෛරසය තවදුරටත් පැතිරීමේ අවදානම පිළිබිඹු කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

චීනය වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වූහාන් ඇතුළු හුබෙයි ප්‍රාන්තයේ ප්‍රධාන නගර සියල්ලම මුද්‍රා තබා ඇති අතර ඒවායින් කිසිවෙකුට පිටවීමට අවසර ලබාදී නැහැ.

චීන රජය එම පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් වූහාන් නගරයේ සිටින සිය පුරවැසියන් ඉවත් කර ගැනීම සඳහා ඉල්ලීම් කර තිබියදියි.

මේ නිසා මිලියන සංඛ්‍යාත පිරිසක් හුබෙයි ප්‍රාන්තයේ සිර වී සිටින අතර, විදේශිකයන් ද ඒ අතර සිටිනවා.

මේ අතර, ඇමරිකා එක්සත් ජනපදය සඳහන් කළේ සිය පුරවැසියන්ට චීනයේ සංචාරය කිරීම පිළිබදව නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටින බවයි.

විශේෂයෙන් ඔවුන්ට හුබෙයි ප්‍රාන්තයේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ලබාදිය හැකි  ඕනෑම සහයක් චීනයට ලබාදීමට සූදානම් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories