හිටපු ජනපති මෛත්‍රීට, රාජ්‍ය අමාත්‍යවරයෙකුගෙන් අභියෝගයක්

Sunday, 16 February 2020 - 19:05

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A7%2C+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ජාවක් අනිද්දා පැවැත්වීමට නියමිතයි.

එහිදී මහමැතිවරණයේදී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනගන සන්ධානය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති.

ගල්ගමුව ප්‍රදේශයේ ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය දයාසිරි ජයසේකර මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් පල කරමින් කියා සිටියේ පොදු සන්ධානයකින් ඉදිරියට යන බවයි.

සියලූ දෙනා එක්ව එකට වැඩ කරන බවද එහිදි ඔහු ප්‍රකාශ කලා.

එමෙන්ම, අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකදී නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ද මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අනිද්දා අග්‍රාමාත්‍යවරයා මුණ ගැසි සාකච්ජා කිරිමට කටයුතු කරන බවයි.

මේ අතර, පොළොන්නරුව ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ රට ගොඩනැගීමට පක්ෂය ප්‍රශ්නයක් කර නොගත යුතු බවයි.

කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පොළොන්නරුවේදී අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගතවීම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු නිදහස් පක්ෂයට ඉදිරි මහ මැතිවරණයේදී පොළොන්නරුවේ ජනතා මතය උරගා බැලීමට අභියෝග කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories