අද උදෑසන මොරටුවේ සිට මරදාන බලා ධාවනය වූ දුම්රියේ ඇවිලුණු ගින්න

Monday, 17 February 2020 - 10:00

%E0%B6%85%E0%B6%AF+%E0%B6%8B%E0%B6%AF%E0%B7%91%E0%B7%83%E0%B6%B1+%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
මොරටුවේ සිට මරදාන බලා මුහුදුබඩ මාර්ගයේ ධාවනය වූ මන්දගාමී දුම්රියක ගින්නක් හට ගෙන තිබෙනවා.

අද (17) උදෑසන 7.50 ට මොරටුවෙන් පිටත් වූ 325 දුම්රියේ එන්ජිමෙහි මෙම ගින්න හට ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් අනතුරුව කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කර ගින්න නිවා දැමීමට කටයුතු කරනු ලැබුවා.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ කිසිදු දුම්රිය ප්‍රමාදයක් සිදුනොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories