වත්තට ගිය හරක් පැටියා ගිනි තබා මරා දමයි

Monday, 17 February 2020 - 11:45

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
ගව ගාලක සිටි හරක් පැටවෙකු යාබද වත්තකට ගියා යැයි කෝපයට පත් එම වත්තේ අයිතිකරු හරක් පැටවාට පොලුවලින් පහරදී පෙට්‍රල් දමා ගිනි තැබිම නිසා එම හරක් පැටියා මිය ගොස් තිබෙනවා.

සිද්ධිය වූ දින ගව ගාලේ හිමියාට හරක් පැටවෙකු කෑ ගසන හඩ ඇසීමෙන් පසු වත්තට ගොස් බැලීමේදී පහර දී පෙට්‍රල් දමා ගිනි තබා බාගෙට පිළිස්සී සිටි හරක් පැටවා හමු වී තිබෙනවා.

අනතුරුව ගව ගලේ හිමිකරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර කළ අතර පසුව මින්නේරිය රොටවැව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තැනැත්තෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මින්නේරිය පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සිදුකරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories