කන්න ගේන්න ගිය පස්දරු පියාට වෙළඳ සංකීර්ණයක් පිටුපස දී අත් වූ ඉරණම

Monday, 17 February 2020 - 15:17

%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%89%E0%B6%BB%E0%B6%AB%E0%B6%B8
පස්දරු පියෙකු වලකට වැටි මරුට

මීපේ මංසන්ධියේ ඉදිකරමින් පවතින වෙළඳ සංකීර්ණයක් පිටුපස ජල ටැංකියකට වැටී පසුගිය 15 වනදා රාත්‍රියේ දී 71ක් හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා මීපේ ජාතික අධ්‍යාපන ආයතනයේ ආරක්ෂකවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී, රාත්‍රී කෑම රැගෙන යාමට පැමිණි අවස්ථාවේ ඔහුට ශාරීරික අවශ්‍යතවක් ඇතිව තිබෙනවා.

පසුව ඔහු නගරයේ ඉදි කරමින් යන පෞද්ගලික වෙළඳ සංකීර්ණයක් පිටුපසට යාමේදී මම අනතුරට මුහුණ දී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම වල අඩි 30ක් පමණ ගැඹුරකින් යුක්ත වන අතර වෙළඳ සංකීර්ණයේ වැසි ජලය එක්රැස් කිරීම සඳහා ජල ටැංකියක් වලට බස්සා ඇතැයි පොලිසිය කළ විමර්ශනවල දී හෙළිවී ඇත්තේ.

මෙම ස්ථානයේදී දහවල් වැඩ කළ සේවකයන් සිටි අතර සිද්ධිය සිදු වී ඇත්තේ රාත්‍රී 7.30ට පමණයි.

එම ගොඩනැගිල්ල පිටුපසින් මහා ශබ්දයක් ඇසී, අසල සිටි පිරිස වහාම එම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කරන විට ඔහු තුවාල සහිතව මිය ගොස් සිට ඇති බවයි ඔවුන් පොලිසියට දැනුවත් කර තිබෙන්නේ.

මුලික පරීක්ෂණවලින් අනතුරුව දේහය පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ගෙන ගොස් තිබෙනවා.

පසු දින (16) පාදුක්ක රෝහලේ දී මූලික විමර්ශන කටයුතු සිදු කර, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරි පත් කිරීමෙන් පසු හෝමාගම මුලික රෝහලට යැවීමෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදීමට නියමිතයි.

එමෙන්ම මියගිය පුද්ගලයා පස්දරු පියෙකු බව පොලිසිය ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories