නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් සියයට 98කටම සුවය ලැබීමේ අවස්ථා

Tuesday, 18 February 2020 - 9:50

%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+98%E0%B6%9A%E0%B6%A7%E0%B6%B8+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F
නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් සියයට 80කටම සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන අතර ඔවුන් නියත වශයෙන් සුවය ලබනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් පවසනවා.

ජිනිවා නුවර දී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ආසාදිතයන්ගෙන් නියුමෝනියා තත්ත්වයට පත්වන්නේ සියයට 14කට අඩු ප්‍රතිශතයකට බවයි.

එයින් ද සියයට 5ක් අසාධ්‍ය තත්ත්වයට පත් විය හැකි අතර එවැනි පුද්ගලයන් අතර මරණ සිදුවිය හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා සඳහන් කළා.

එමෙන්ම කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය සාපේක්ෂ ලෙස ළමයින්ට ආසාදනය වන්නේ සුළු වශයෙන් වන අතර, ඊට හේතුව අනාවරණ කර ගැනීමට තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු වනවා.

කොවිඩ් නයින්ටීන් මරණ අනුපාතය සියයට 2ක් වන අතර, එය කොරෝනා වෛරස් කාණ්ඩයේ අනෙකුත් වෛරස් වර්ග වන සාස් හෝ මර්ස් තරම් මාරාන්තික නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ අදහසයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 1873 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන්ගේ සංඛ්‍යාව 73,334ක්.

චීන සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කළේ කොරෝනා වෛරස් ආසාදනය වැළැක්විය හැකි මෙන්ම ප්‍රතිකාර කළ හැකි රෝග තත්ත්වයක් බවයි.

කොවිඩ් නයිටීන් වෛරසයේ කේන්ද්‍රය වූ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ ආසාදිතයන්ගෙන් බරපතල තත්ත්වයට පත්වන ප්‍රතිශතය ආරම්භයේ පැවති සියයට 38ක ප්‍රතිශතයේ සිට මේ වන විට සියයට 18 දක්වා පහත වැටී ඇති බව චීන සෞඛ්‍ය කොමිසමේ රෝහල් පරිපාලන ප්‍රධානී ගුවෝ යැන්හොං කියා සිටියා.

මේ අතර, කොරෝනා වෛරස් ආසාදිතයන්ට එච්.අයි.වී. ආසාදිතයන්ට ලබාදෙන ප්‍රතිකාර අත්හදා බැලීම ආරම්භ කිරීමට සූදානම් බව ජපාන කැබිනට් ප්‍රකාශක යොෂිහිඩේ සුගා ප්‍රකාශ කළා.

නව ඖෂධයක් අනුමත කරන තුරු එම ප්‍රතිකාර ලබාදීමටයි ජපානය සැලසුම් කර ඇත්තේ.

ජපානයේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 500 ඉක්ම වන අතර ඉන් 455 දෙනෙකුම සිටින්නේ යොකොහමා වරායේ නැංගුරම්ලා ඇති ඩයමන්ඩ්  ප්‍රින්සස් සුඛෝපභෝගී මගී නෞකාව තුළයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories