මහින්ද, මෛත්‍රී සාකච්ඡා මාලාවේ අලුත්ම තොරතුරු එළියට

Wednesday, 19 February 2020 - 8:27

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%2C+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත්වන්නේ පොහොට්ටුව ලකුණින් වුවද ගොඩනගන සන්ධානයේ ඕනෑම පක්ෂයකට තමන්ගේ ලකුණින් වුවද තරඟකර සන්ධානයට එක්විය හැකිබව අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ඊයේ රාත්‍රී අරලියගහ මන්ධිරයේ පවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී.ල.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර මීට පෙර ප්‍රකාශ කර තිබුනේ ඇතැම්විට උතුරු නැගෙනහිර පළාත්වලදී ශ්‍රී.ල.නි.පයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලකුණවන බුලත් කොළයෙන් තරඟකිරීමට සිදුවිය හැකිබවයි.

ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවට බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ආරුමුගම් තොණ්ඩමන්, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ඩග්ලස් දේවානන්දා ඇතුළු පක්ෂ නායකයන් රැසක් එක්ව සිටියා.

මේ අතර ශ්‍රී.ල.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ මෙම සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බවයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories