සැකකටයුතු බ්‍රසීල නෞකාවක් හදිසි පරීක්ෂාවට

Wednesday, 19 February 2020 - 13:13

%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
බ්‍රසීලයේ සිට මෙරට මුහුදු සීමාව ඔස්සේ බංග්ලාදේශයේ චිතගොන් වරාය දක්වා ගමන් කරන සැක කටයුතු නෞකාවක් හදිසි පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් ද මෙම මෙහෙයුමට එක්ව සිටින බවයි මෙහෙයුමට එක්ව සිටින රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මෙම නෞකාවේ කොකේන් හෝ වෙනත් සැක කටයුතු ද්‍රව්‍යයක් ඇති බවට පවතින සැකය මත මෙම පරීක්ෂාව සිදුකරන බව ඔහු කියා සිටියා.

දැනට මෙම නෞකාව කොළඹ වරායට කිලෝමීටර් 13 ක් පමණ දුරින් පවතින බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories