සයින්දමරුදු නගර සභාවක් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි

Thursday, 20 February 2020 - 10:40

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභා බල ප්‍රදේශයක් ලෙස නම් කරමින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් සායින්දමරුදු නගර සභාව නම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.

මේ අතර, යහපාලන ආණ්ඩුව සමයේ ඉදිරිපත් කළ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 30 - 1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත්වීමට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම, මාර්තු මස 1 වනදා සිට උපාධිධාරීන්ට පත්වීම් ලිපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් නිකුත් කිරීමේ යෝජනාවටද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories