දියේ ගිලී මිය ගිය හාලිඇල සිසුන් ගැන, විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

Saturday, 22 February 2020 - 7:39

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%87%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අධ්‍යාපන චාරිකාවක නිරතව සිටියදී පාසල් සිසුන් සිව් දෙනෙකු දියේ ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, සන්ධ්‍යා අඹන්වෙල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේගේ උපදෙස් මත තමන් පත් කළ එම කමිටුවේ වාර්තාව සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස නියෝග කළ බවයි.

බදුල්ල - හාලිඇල විද්‍යා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 68 දෙනෙකු අධ්‍යාපන චාරිකාවක් සඳහා පසුගිය බදාදා ත්‍රිකුණාමලය ප්‍රදේශයට ගොස් තිබූ අතර ඊට ගුරුවරුන් 7 දෙනෙකු ද එක්ව සිටියා.

පසුව ඔවුන් ගෝමරන්කඩවල ප්‍රදේශයේ විහාරස්ථානයක නවාතැන්ගෙන තිබෙනවා.

එහිදී සිසුන් පිරිසක් විහාරස්ථානයට යාබදව පිහිටි මැදවච්චිය වැවේ නෑමට ගොස් තිබූ අතර, එහිදී මෙම අනතුර සිදුව තිබුණා.

සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්වූ සිසුන් සිව් දෙනාගේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.

ඒ බදුල්ල, ඇල්ල, ඇටම්පිටිය සහ ගලඋඩ යන සුසාන භූමිවලදීයි.

මියගිය සිසුන් සිව්දෙනාගේ හදිසි මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ සාක්ෂි මත චාරිකාවට සහභාගි වූ ගුරුවරුන්ගේ නොසැලකිල්ල මෙම අනතුරට හේතුවූ බව හදිසි මරණ පරීක්ෂක ඒ.එස්.එම්.රූමි නිගමනය කර තිබූ අතර, ඔහු මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories