කොරියාවේ ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුට, කොරෝනා වෛරසය ආසාදනය වී නැහැ

Saturday, 22 February 2020 - 7:42

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
මේ වනවිට දකුණු කොරියාව තුළ ද කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර නමුදු කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බව විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

දකුණු කොරියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය තොරතුරු දැන ගැනීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වාදීමට ද එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අදාළ දුරකථන අංකය අද දිනය ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවයි විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ.

මේ වන විට කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 2252 දක්වා ඉහළ ගොස් ඇති අතර, මුළු ආසාදිත සංඛ්‍යාව 77,220ක්.

එලෙස වෛරසය ආසාදනය වූ 75,899 දෙනෙකුම චීනයෙන් වාර්තා වන අතර, ජපානයේ යොකොහොමා වරායට ඔබ්බෙන් නැංගුරම්ලා ඇති ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවෙන් ආසාදිතයන් 635 දෙනෙකු වාර්තා වනවා.

ඊට අමතරව ලොව රටවල් 30කින් පමණ කොරෝනා වෛරස් ආසාදිතයින් වාර්තා වන අතර, ඉන් වැඩිම සංඛ්‍යාවක් එනම්, 204ක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්.

චීනයෙන් පිටත කොරෝනා වෛරස් මරණයක් ද එරටින් වාර්තා වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories