මන්ත්‍රී නවීන් නිසා නුවරඑළියේ උණුසුමක්

Saturday, 22 February 2020 - 19:23

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ පවත්වාගෙන ගිය ජංගම අවන්හලක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉවත් කිරිමට යාමේදී ඊයේ පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

ඒ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක එම ස්ථානයට පැමිණීමත් සමගයි.

නුවරඑළිය - ග්‍රෙගරි වැව ආසන්නයේ අවුරුදු තුනක කාලයක සිට පවත්වාගෙන ගොස් ඇති එම ජංගම අවන්හලේ බදු කාලසීමාව පසුගිය දෙසැම්බර් මාසයේදී අවසන් වී තිබෙනවා.

ඒ අනුව, අදාළ අවන්හල ඉවත් කර ගන්නා ලෙස අවස්ථා කිහිපයකදී දැනුම්දී තිබුණ ද එය ඉවත් කර නොගැනීම නිසා නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ඇත්තේ එය ඉවත් කිරීම සඳහායි.

එහිදී එම ස්ථානයට  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගත්තා.  

පසුව, එම ස්ථානයට නාගරික සංවර්ධන අධිකාරියේ නුවරඑළිය සහකාර අධ්‍යක්ෂවරයා පැමිණ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වුණා.

ඉන් අනතුරුව නිලධාරින් විසින් දැනුම් දෙනු ලැබුවේ අදාළ අවන්හල පැය 48 ක් ඇතුළත ඉවත් කර ගන්නා ලෙසටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories