දක්ෂිණ අධිවේගයේ මාතර - බරවකුඹුක කොටස අද විවෘත වේ

Sunday, 23 February 2020 - 6:38

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+-+%E0%B6%B6%E0%B6%BB%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිව්වන අදියර වන මාතර - ගොඩගම සිට බරවකුඹුක දක්වා වන කිලෝමීටර් 96ක කොටස අද විවෘත කෙරෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දක්වා ගාස්තු අය කරන ආකාරය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සැහැල්ලූ වාහන සඳහා හම්බන්තොට සිට කටුනායක දක්වා රුපියල් 1000ක මුදලක් අය කරන බවයි මාර්ග සහ මහා මාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ.

මත්තල සිට කටුනායක දක්වා සහ පෑලියගොඩ සිට හම්බන්තොට දක්වා ගාස්තුව රුපියල් 950ක් වනවා.

එමෙන්ම, මත්තල සිට කොට්ටාව දක්වා ගාස්තුව රුපියල් 750ක් වන අතර, හම්බන්තොට සිට කඩවත දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 900ක්.

කඩුවෙල සිට හම්බන්තොට දක්වා සහ අතුරුගිරියේ සිට හම්බන්තොට දක්වා රුපියල් 850ක ගාස්තුවක් අය කෙරෙන අතර, කොට්ටාව සිට හම්බන්තොට දක්වා රුපියල් 800ක් අය කෙරෙනු ඇති.

මාතර - ගොඩගම සිට හම්බන්තොට දක්වා රුපියල් 400ක ගාස්තුවක් පනවා ඇති අතර, ගාල්ල - පින්නදූව සිට හම්බන්තොට දක්වා රුපියල් 500ක ගාස්තුවක් නියම කර තිබෙනවා.

එමෙන්ම, පින්නදූව සිට මත්තලට අය කෙරෙන ගාස්තුව රුපියල් 450ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories