මහ මැතිවරණය පවත්වා මාස දෙකකින් පළාත් සභා මැතිවරණ

Sunday, 23 February 2020 - 9:22

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB
ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අදාළව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

මහියංගනය ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මහ මැතිවරණය පවත්වා මාස දෙකක් වැනි කාලයක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වා, පළාත් සභා බලගැන්වීමට කටයුතු කරන බවයි.

මේ අතර පාර්ලිමේන්තුව මාර්තු 2 වනදා විසුරුවා හැර අප්‍රේල් 25 වනදා මහ මැතිවරණය පැවැත්වෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

මහ මැතිවරණය සඳහා පෙර සූදානමක් ලෙස ඊට දළ වියදම් ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසම මගින් මේ වනවිට සකස් කර අවසන් බව එහි ප්‍රකාශකයෙකු කියා සිටියා.

එම ඇස්තමේන්තු වියදම කෝටි 500ක් පමණ වන බවට ගණන් බලා ඇති අතර, ඇස්තමේන්තුව මේ වනවිටත් රාජ්‍ය භාණ්ඩාගාරය වෙත යොමුකර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම 2019 ඡන්ද හිමි නාමලේඛණය සහතික කිරීම අවසන් කර ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

ඒ අනුව, එළඹෙන මහ මැතිවරණය සඳහා 2019 ඡන්ද හිමි නාම ලේඛනය යොදා ගනු ඇති.

අදාළ ඡන්ද හිමි නාමලේඛනයට අනුව, 2018 ඡන්ද හිමි නාම ලේඛනය හා සැසඳීමේදී නව ඡන්දදායකයින් දෙලක්ෂ 70,000ක් පමණ අලූතින් එක්ව ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මේ අතර පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන් ලබන 26 වනදා මැතිවරණ කොමිසමට කැඳවා ඇති බව එහි ප්‍රකාශකයෙකු කියා සිටියා.

අප කළ විමසීමකදී ඔහු සඳහන්  කළේ ඉදිිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී මූලික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

මහියංගණයේ ඊයේ පැවති ජන හමුවේදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ පළාත් සභා බලාත්මක කිරීම සඳහා ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories