රට තුළ පොහොර හිඟයක් නැහැ - තොග සඟවන්නන්ට එරෙහිව නීතිය තදින්

Sunday, 23 February 2020 - 12:36

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C+%E0%B7%83%E0%B6%9F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
රට තුළ පොහොර හිඟයක් ඇති බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා.

එහි අධ්‍යක්‍ෂ මහේෂ් ගම්මන්පිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහ කන්නයේ වී වගාව සඳහා වන පොහොර අවශ්‍යතාව මේ වනවිටත් සපුරා ඇති බවයි.

ගොවීන් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කර ඇති ප්‍රමාණයට ගොවි ජනසේවා මධ්‍යස්ථාන මගින් රසායනික පොහොර ලබාදී ඇති බවද එම නිවේදනයේ සඳහන් වනවා.

මේ වසරේ යල කන්නය ආරම්භ වන තෙක් වී වගාව සඳහා අවශ්‍ය වන යූරියා මෙටි‍්‍රක් ටොන් 18,134ක්,  ටි‍්‍රපල් සුපර් පොස්පේට් මෙටි‍්‍රක් ටොන් 8266ක්, මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙටි‍්‍රක් ටොන් 9131ක් ප්‍රධාන පොහොර සමාගම් දෙක සතුව පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා.

ඉදිරි කන්නය සඳහා අවශ්‍ය අතිරේක පොහොරද මේ වනවිට ඇණවුම් කර ඇති බවද සඳහන්.

පසුගිය වසරේ නොවැම්බර් මාසය වනවිට ආනයනික පොහොර සඳහා රජය විසින් පොහොර ආනයනකරුවන්ට ගෙවීමට තිබූ හිඟ මුදල රුපියල් බිලියන 21ක්.

වත්මන් රජය මේ වනවිට එම හිඟ මුදල්වලින් රුපියල් බිලියන 6ක් ගෙවා අවසන්.

පසුගිය වසරේ මෙලෙස ගෙවීම් ප්‍රමාදවීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ සාවද්‍ය විශ්ලේෂණ වාර්තා මත පදනම්වීම බවද පෙනී ගොස් තිබෙනවා.

පසුගිය මාසය තුළදී එළවළු මිල ඉහළ යාම හේතුවෙන් එළවළු හා ක්‍ෂේත්‍ර බෝග වගාව වැඩිවී ඇති බැවින් වී වගාවට ලබාදීමෙන් පසු ඉතිරිව ඇති පොහොර වර්ග ගොවිජන සේවා මධ්‍යස්ථාන හා රාජ්‍ය සමාගම් මගින් ගොවීන්ට සහනාධාර මිල යටතේ ලබාදීමද ආරම්භ කර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළා.

කෙසේ වෙතත් පොහොර අලෙවිකරුවන් විසින් පොහොර සඟවා තබාගැනීම සහ එම පොහොර වැඩි මිලට අලෙවි කිරීමට කටයුතු කරන බවට නිරන්තරයෙන් තොරතුරු වාර්තාවන බවයි ජාතික පොහොර ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම තත්ත්වය වළක්වාගැනීම සඳහා සියලූ අලෙවිකරුවන් නියමිත මිලට පමණක් පොහොර අලෙවි කිරීමට දැනුවත් කරන ලෙස ප්‍රධාන අනයනකරුවන් වෙත දැනුම්දී ඇති බව සඳහන් කරන පොහොර ලේකම් කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ පොහොර හිඟයක් ඇතිවීම වළක්වාගැනීම7 සඳහා පාරිභෝගික සේවා අධිකාරියේද සහය ලබාගනිමින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories