මැලේසියාවේ නීතිපති කොටි අනුගාමිකයන් නිදහස් කරද්දී, රජය, එල්.ටී.ටී.ඊ. තහනම දිගු කරයි

Sunday, 23 February 2020 - 12:49

%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%2C+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%2C+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A.+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
එල්.ටී.ටී.ඊ. සංවිධානය මැලේසියාව තුළ තවදුරටත් තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍ය මුහයිඩ්ඞීන් යාසීම් ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ලැබී ඇති නවතම තොරතුරුවලට අනුව එම සංවිධානයේ මතවාදයන් සහ ක්‍රියාකාරකම් මැලේසියාවේ මහජන සාමයට සහ ජාතික ආරක්ෂාවට තර්ජයක් බවයි.

ඒ නිසා නීතිමය පියවර ඔස්සේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රචාරක කටයුතු සහ ක්‍රියාකාරකම් මැඩලීමට කටයුතු කිරීම රජයේ වගකීමක් බවද මැලේසියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කළා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය මැලේසියාවේ තහනම් සංවිධානයක් ලෙස මුලින්ම ප්‍රකාශයට පත් කෙරුණේ 2014 වසරේ නොවැම්බර් 12 වනදායි.

එල්.ටී.ටී.ඊ. තහනම ගැන මැලේසියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එල්.ටී.ටී.ඊ. තහනම පිළිබද ඇගයීමක් කරන ලෙස එරට නීතිපතිවරයා ඉල්ලීමක් කර තිබියදියි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රචාරක කටයුතු සඳහා සම්බන්ධ වූ බවට චෝදනා කරමින් මැලේසියානුවන් 12 දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගැනුනු අතර, ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම මැලේසියානු නීතිපති ටොමී තෝමස් ප්‍රතික්ෂේප කළා.

ඔහු කියා සිටියේ එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට මැලේසියානු නීතියේ ප්‍රතිපාදන නොමැති බවයි.

ලෙනින්, මාවෝ හෝ චෙගුවේරා මෙන් ප්‍රභාකරන්ගේ ඡායාරූපය ළඟ තබාගත් පමණින් කොටි හිතවාදීන්ට නඩු පැවරිය නොහැකි බව මැලේසියානු නීතිපතිවරයා පවසා තිබෙනවා.

කෙසේ නමුත් එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කළේ එල්.ටී.ඊ.ඊ. සංවිධානය, තහනම් සංවිධානයක් වන බැවින් ඔවුන්ට එරෙහිව මැලේසියානු නීතිය යටතේ කටයුතු කළ හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories