දක්ෂිණ අධිවේගයේ මාතර - හම්බන්තොට කොටස ජනතා අයිතියට

Sunday, 23 February 2020 - 16:10

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+-+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - ගොඩගම පිවිසුමේ සිට හම්බන්තොට දක්වා කොටස අද ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව කොට්ටාව පිවිසුමේ සිට පැය දෙක හමාරක් වැනි කාලයකින් හම්බන්තොට දක්වා ගමන් කිරීමට ජනතාවට අවස්ථාව උදා වනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - ගොඩගම සිට හම්බන්තොට දක්වා කොටස ජනතා අයිතියට පත් කිරීමේ නිළ උත්සවය ආරම්භ වූයේ ගොඩගම - පාලටුව පිවිසුම ආසන්නයෙන්.

එහිදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අධිවේගී මාර්ගය විවෘත කිරීම වෙනුවෙන් සමරු ඵලකයක් නිරාවරණය කළා.

ඉන් අනතුරුවයි සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කෙරුණේ.

ඒ අනුව ගොඩගම - පාලටුව අධිවේගී හුවමාරුවේ සිට බරවකුඹුක දක්වා වන පළමු ප්‍රවේශ පත්‍රය ජනාධිපතිවරයා විසින් මිලදී ගැනීම ද සිදුවුණා.

අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිවේගී මාර්ගය ඔස්සේ බරවකුඹුක දක්වා ගමන් කළ අතර, එම රථය පැදවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද අධිවේගී මාර්ගයේ ගමන් කළ අතර ඔහු ගමන් ගත් රථය පැදවූයේ මාර්ග සහ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුයි.

2016 වසරේ වැඩ කටයුතු ආරම්භ කෙරෙනු දක්ෂිණි අධිවේගී මාර්ගයේ මාතර - හම්බන්තොට දක්වා කොටසේ ඉදිකිරීම් අදියර 4කින් සමන්විත වූ අතර, එහි සමස්ත දුර කිලෝමීටර් 96ක්. ඊට අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 8ක් ද ඇතුළත් වනවා.

රුපියල් බිලියන 268ක ප්‍රතිපාදන යටතේ ඉදිකෙරුණු මෙම කොටස ජනතා අයිතියට පත්වීමත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 223ක්.

අද ජනතා අයිතියට පත් කළ මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ ගමනාගමනය ද හෙට සිට ආරම්භ වනවා.

ඒ අනුව හම්බන්තොට සිට කොළඹ කොටුව දක්වා බස් රථ ප්‍රවේශ පත්‍රයක ගාස්තුව රුපියල් 880ක් වන අතර, තංගල්ල සිට කොළඹ කොටුව දක්වා ගාස්තුව රුපියල් 680ක්.

හම්බන්තොට සිට කොට්ටාව - මාකුඹුර දක්වා රුපියල් 810ක ගාස්තුවක් අය කෙරෙන අතර තංගල්ල සිට මාකුඹුර දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 610ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories