අනතුර සිදුකළේ මම නෙමෙයි - පාඨලීගේ රියැදුරු කියයි

Monday, 24 February 2020 - 20:12

%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B8+%E0%B6%B1%E0%B7%99%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
2016 වර්ෂයේදී පාඨලී චම්පික රණවක මහතාගේ ජීප් රථයේ තරුණයෙකු ගැටූනු අවස්ථාවේදී එම ජීප් රථය පැදවූයේ තමා නොවන බවත්, තමන්ට ලැබුණු උපදෙස් මත බොරැල්ල පොලීසියට පැමිණ පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු ලෙස ඉදිරිපත් වූ බවත්, රියැදුරු දිලුම් තුසිත කුමාර මහතා ප්‍රකාශ කර ඇතැයි අධිකරණයේදී අද අනාවරණ වුණා.

මෙහිදි දිලුම් තුසිත කුමාර වන රියැදුරා පවසා ඇත්තේ, අදාළ රිය අනතුර සිදුවන අවස්ථාවේ තමා රිය පැදවූ බව පැවසුවේ, එවකට පාඨලී අමාත්‍යවරයාගේ තවත් රියැදුරෙකු වන නිශාන්ත ප්‍රදීප් නමැත්තා දුන් උපදෙස් අනුව බවයි.  

කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ, ඒ අනුව පසුගිය 12 වැනිදා දක්වා දිලුම් තුසිත කුමාර, පාඨලී චම්පික මන්ත්‍රීවරයාගේ නිවසේ රැඳී සිට ඇති බවට ද ප්‍රකාශ කළ බවයි.

කෙසේ වෙතත්, 2016 වසරේ පෙබරවාරි 9 වැනිදා ඇප හිමි වූ දිනයේදී තමා එවකට අමාත්‍ය පාඨලී චම්පික රණවක හමුවීමට ගිය බවත් එයිදී තුසිත ඔයාට මොකුත් වෙන්නේ නැහැ බය වෙන්න එපා යැවි අමාත්‍යවරයා තමාන් හමුවේ පැවසූ බවත්, සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසයට පවසා තිබෙනවා.

හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරින් විසින් රාජගිරිය සිදු වු රිය අනතුර සම්බන්ධයෙන් පොලිසිය නොමඟ යවන සුළු ප්‍රකාශ ලබා දි ඇති බවත් ඔවුන් ඉදිරියේ දි විත්තිකරුවන් ලෙස නම් කිරිම සම්බන්ධයෙන් කරුණු සලකා බලන බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නේරංජනා ද සිල්වා මහත්මිය වෙත දැනුම් දුන්නා.

රජයේ අධිනිතිඥ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා අධිකරණය වෙත දැනුම් දුන්නේ සිද්ධියට අදාල දුරකථන වාර්තා කැදවා ඒ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරින්  වන පොලිස් සැරයන් කරුණාරත්න හා පොලිස් පරික්ෂක කුමාර ප්‍රකාශ ලබා ගත් බවත් ඔවුන් විමර්ශනය නොමඟ යවන අසත්‍ය ප්‍රකාශ ලබා දී ඇති බවට කරුණු අනාවරණය වි ඇති බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories