හොරණ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Tuesday, 25 February 2020 - 6:38

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හොරණ - ඉලිඹ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇති අතර, පසුව ත්‍රිරෝද රථය පැදවූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ හොරණ - ඉලිඹ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

ඊයේ රාත්‍රියේ 9.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුවීමට පෙර ඉලිඹ - කඳන මාර්ගයේ නවතා තිබූ ත්‍රිරෝද රථයකට සහ ඒ අසළ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories