වියළි කාලගුණයත් සමඟ හදිසියේ විදුලිය මිලදී ගැනීමට අනුමැතිය

Wednesday, 26 February 2020 - 7:33

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හමුවේ විසන්ධි කිරීමකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා මෙගාවොට් 128ක විදුලි ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් කඩිනමින් මිලදී ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය හිමි වූ අතර ඒ සම්බන්ධයෙන් පෙරේදා විදුලිබල මණ්ඩලය දැනුවත් කර ඇති බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සදහන් කළේ.

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ විදුලි ධාරිතාව තවදුරටත් අඩු වන්නේ නම් සම්ප්‍රේෂණ පද්ධතිය පවත්වාගෙන යාම සදහා විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවත් එසේ නොවීමට නම් අතිරේක විදුලිය මිලදී ගැනීමක් සිදුකළ යුතු බවටත් විදුලිබල මණ්ඩලය අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුවයි මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ.

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් අඩුවීම හමුවේ විදුලිය සදහා නිකුත් කරන ජල ප්‍රමාණය ද ජල කළමනාකරණ ලේකම් කාර්යාලය මගින් සීමා කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories