MCC ගිවිසුම අත්සන් තබන්නේ නම් ඊට එරෙහිවන බව ජ.වි.පෙ. කියයි

Wednesday, 26 February 2020 - 12:41

MCC+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී. සී. ගිවිසුම, අත්සන් කළහොත් ඊට විරෝධය පළ කරන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා.

එහි එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර නිදහස් පක්ෂය  කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මෙම ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරගෙන් විමසා සිටියා.  

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එම ගිවිසුම අහෝසි කිරීම සඳහා වන නව ක්‍රියාදාමයකට යායුතු බවයි. 

ගිවිසුම අත්සන් තබන්නේ නම් රටේ ස්වෛරීභාවය ආරක්ෂා කළ හැකි විය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories