ගුරු - විදුහල්පතිවරුන් හෙට සිට අකුරට වැඩ

Wednesday, 26 February 2020 - 16:00

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9
ගුරු සහ විදුහල්පති වෘත්තිය සමිති 18ක් හෙට සිට පාසල් කාලය තුළ ඉගැන්වීම් කටයුතු පමණක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් අද උදෑසන අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ද දියත් කළේ ගුරු සහ විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

ගුරු සහ විදුහල්පතිවරුන්ගේ මෙම වර්ජනය හේතුවෙන් දිවයිනේ බෝහෝමයක් පාසල් වල අද අධ්‍යයන කටයුතු සිදු කෙරුණේ නැහැ.

අසනිප නිවාඩු වාර්තා කළ ගුරු සහ විදුහල්පති වෘත්තිය සමිති 18 නියෝජිතයින් අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේ සිට එම ස්ථානයට ඔවුන් පැමිණිමත් සමග මාර්ග අංක 174 කොට්ටාව - බොරැල්ල මාර්ගය ද අවහිර වුණා.

පැයකට අධික කාලයක් අමාත්‍යංශය ප්‍රධාන දොරටුව අසළ රැදිසිටිය දසිටියද බලධාරින් සාකච්ඡාවක් ලබා නොදුන් නිසා හෙට සිට ලබන 16 වනදා දක්වා පාසල්වල බාහිර කටයුතුවලින් ඉවත් වී ඉගැන්වීම් පමණක් සිදුකිරීමට තීරණය කළ බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ.

ගැටළු වලට විසඳුමක් නොලැබුණහොත් මාර්තු 16 වනදා සිට දින 5 ක අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගෙන් කළ විමසිමකදී ඔහු කියා සිටියේ වෘත්තිය සමිති කැඳවා සාකච්ඡාවක් ලබා දුන් බවයි. එහිදී ඉල්ලිම්වලට කඩිනමින් විසදුම් ලබා දෙන බවට ඔවුන්ට දැනුම් දුන් බවයි අමාත්‍යවරයා  වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු අද පස්වරුවේ දියේ ගිලීිමෙන් ජිවිතක්ෂයට පත්වුණා.

මෙම සිසුවා අද පස්වරුවේ පාසලට ගොස් ඇතත්, ගුරු වර්ජනය හේතුවෙන් දහවල් 12 පමණ නැවත නිවසට පැමිණ තවත් සිසුන් පිරිසක් සමග උනන්විටිය - හැන්නලිය ප්‍රදේශයේ ගිංගගේ දිය නෑමට ගොස් තිබෙනවා.

සිසුුවා දියේ ගිලිමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ එම අවස්ථාවේදීයි.

16 හැවිරිදි වියේ පසුවන ඔහුගේ පියාද විදුහල්පතිවරයෙකු වන අතර, අද දින ලෙඩ නිවාඩු වාර්තා කර ඔහු වෘත්තිය සම්ති ක්‍රියාමාර්ගයට සහය දක්වා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories