රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග යළි රිමාන්ඩ්

Wednesday, 26 February 2020 - 16:36

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%E0%B6%82%E0%B6%9C+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
මිග් යානා ගණුදෙනුවට අදාළව චෝදනා ලැබ සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මාර්තු 11 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කොළඹ - කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත් රංග දිසානායක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේ පෙර නඩු දිනයේ නියෝග කළ පරිදි දැනට ස්ථාන මාරු කර ඇති වසර 05ක් සිද්ධියට අදාළ විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන්, යළි කැඳවීමේ හැකියාව පිළිබඳව වැඩබලන පොලිස්පතිගෙන් පිළිතුරක් ලැබී තිබේද යන්නයි.

එවැනි පිළිතුරක් ලැබී නොමැති බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

නීතිපතිවරයාද මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා දැනුවත් කර ඇති බව මෙහිදී සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, නීතිපති උපදෙස් මෙන්ම අධිකරණ නියෝගයක් පිළි නොපැදීම මගින්, වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කරන ආකාරය ගැන බරපතල ගැටළුවක් මතු වන බවයි කියා සිටියේ.

අදාළ පරීක්ෂණ නිලධාරීන් යළි කැඳවීමට නොහැකි නම් ඊට හේතුව හෝ අධිකරණයට දැනුම්දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී කියා සිටියා.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කළේ පසුගිය 17 වැනිදා සිට මේ දක්වා උදයංග වීරතුංගගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

නඩුවට අදාළ 08 වන සැකකරු අද නම් කරන බව දැනුම්දුන් ඔහු සැකකරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියා.

මෙහිදී සැකකාර උදයංග වීරතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මිග් යානා ගණුදෙනුවෙන් තම සේවාදායකයා ඇමරිකානු ඩොලර් මිලියන 07ක් අයථා ලෙස උපයාගත් බවට චෝදනා එල්ල වූවත්, ඔහුගේ කිසිදු ගිණුමකට එවැනි මුදලක් ලැබී ඇති බවට මෙතෙක් ඉදිරිපත් කළ වාර්තාවලින් අනාවරණ නොවන බවයි.

ඊට අදාළව කරුණු කිහිපයක් සඳහන් කළ ඔහු සැකකාර උදයංග වීරතුංගට ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියත්, මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories