කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

Wednesday, 26 February 2020 - 21:58

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුනා.

 ඒ සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති දෙවන එක්දින තරගය ලකුණු 161කින් ජය ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 345ක් ලබාගත්තා.

අද තරගයේදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 123කින් ලකුණු 127ක් ලබාගත්තේ හතරේ පහර 10ක් ද සමගින්.

කුසල් මෙන්ඩිස් පන්දු 119කින් ලකුණු 119ක් ලබාගත්තා.

ඊට හතරේ පහර 12ක් ඇතුලත්වුනා.

කුසල් පෙරේරා කිසිදු ලකුණක් නොලබා පිටියෙන් ඉවත්වුනා.

නායක දිමුත් කරුණාරත්න මෙන්ම ඇන්ජෙලෝ මැතිව්ස් එක් ලකුණ බැගින් ලබා සිටියදී දැවී ගියා.

ධනංජය ද සිල්වා ලකුණු 12ක් ලබාගත්තා. තිසර පෙරේරා ලකුණු 36යි.

වනිඳු හසරංග ලකුණු 17 ක් සහ ඉසුරු උදාන නොදැවී ලකුණු 17ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී අල්සාරි ජෝසප් කඩුලු 3ක් බිඳහෙලුවා. ශෙල්ඩන් කොට්රල් කඩුලු 4යි.

ඒ අනුව දෙවන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව්වන්ට හිමිවූ ඉලක්කය ලකුණු 346ක්.

කෙසේවෙතත් පන්දුවාර 39යි එක් පන්දුවක් අවසානයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාටයමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 184ක් පමණයි.

ෂායි හෝප් ලකුණු 51ක් ලබාගත්තා.

නිකලස් පූරන් 31යි. පන්දු යැවීමේදී වනිඳු හසරංග සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 3 බැගින් බිඳහෙලුවා.

නුවන් ප්‍රදීප් කඩුලු දෙකයි.

කොදෙව් ඉනිම අතරතුර ක්‍රීඩාංගණයේ විදුලි කුළුණුවල හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් තරගය මද වේලාවකට නතර කිරීමට ද සිදුවුණා.

තරගයේ වීරයා සම්මානය අවිශ්ක ප්‍රනාන්දුට හිමිවුනා.

දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරගය ලබන මාර්තු මස පළමුවනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories