ශ්‍රී ලංකාව ගැන ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ - වාචික කරුණු දැක්වීම අද

Thursday, 27 February 2020 - 7:18

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+-+%E0%B7%80%E0%B7%8F%E0%B6%A0%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලට් ශ්‍රී ලංකාව පිළිබඳව ජිනීවා මානව හිමිකම් සැසියේදී අද වාචිකව කරුණු දැක්වීමට නියමිතයි.

ජිනිවා නුවර සිටින ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය සදහන් කළේ ඒ පිළිබදව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රතිචාර දැක්වීමට නියමිත බවයි.

එමෙන්ම, හෙට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා හමුවනු ඇති.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1, 34/1 සහ 40/1 යෝජනාවලට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත්වන බව ශ්‍රී ලංකාව ඊයේ නිල වශයෙන් දැනුම් දුන්නා.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙම දැනුම්දීම සිදු කළේ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයේ ඉහළ මට්ටමේ සාකච්ඡා සැසිය අමතමින්.

2015 ඔක්තෝම්බරයේදී 30/1 දරන සහ 2017 මාර්තුවේදී 34/1 දරන පූර්වගාමී යෝජනා සම්මුති ඇතුළත් කර 2019 මාර්තුවේදී සකස් කරන ලද, ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව වූ 40/1 යෝජනා සම්මුතිය සඳහා සම අනුග්‍රාහකත්වය ඉවත් කර ගැනීමට රජය පසුගියදා තීරණය කළා.

ඒ අනුවයි ඊයේ සමුළුව අමතමින් විදේශ අමාත්‍යවරයා ඒ බව නිල වශයෙන් මානව හිමිකම් කොමිසම වෙත දැනුම් දුන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories