දුම්රිය ආරක්ෂක අධිකාරිවරයෙකුට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් - හේතුව අනවසර ඉදි කිරීමක් බවට තොරතුරු

Thursday, 27 February 2020 - 13:01

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%89%E0%B6%AF%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
දුම්රිය ආරක්ෂක සේවයේ උතුර - නැගෙනහිර භාර සහකාර ආරක්ෂක අධිකාරි ආනන්ද රත්නමලලට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට හේතුව අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීම බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පොලීසිය පවසනවා.

මෙම නිලධාරියා අනුරාධපුර දුම්රිය ස්ථානය අවට රජයට අයත් බිම් ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම වෙනුවෙන් පෙනී සිටි අයෙකු වන අතර, ඒ සඳහා පියවර කිහිපයක්ම ගෙන තිබුණා.

දුම්රිය සහකාර ආරක්ෂක අධිකාරීවරයා අනුරාධපුර ප්‍රධාන දුම්රියපල අසළ පිහිටි සිය නිල කාමරයේ නිදමින් සිටියදී නාඳුනන පුද්ගලයෙකු විසින් විවෘත කර තිබූ ජනේලයකින් මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබුණේ ඊයේ රාත්‍රි 11.45 ට පමණයි.

එහිදී ඔහුගේ සිරුරට ගිනි ඇවිලී තිබූ අතර, සහකාර ආරක්ෂක අධිකාරිවරයා එය නිවාගෙන තිබුණේ අසළ පිහිටි නාන කාමරයේ ජල කරාමයක ආධාරයෙන්. පසුව දුම්රිය  සේවකයන් කිහිපදෙනෙකු මැදිහත්වී ඔහු රෝහල් ගත කර තිබුණා.

පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කළ සැකකරු පිළිබඳව තොරතුරු හෙළිවී ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර සුළු තුවාල ලැබූ අනුරාධපුර දුම්රිය සහකාර ආරක්ෂක අධිකාරීවරයා තවදුරටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර වැලිගම මිරිස්ස - ධීවර වරාය මාර්ගයේ නිවසකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලැබුවා. 55 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකු වන මොහු නිවසේ නිදා සිටි අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ලවී ඇති අතර, ඊට හේතුවී ඇත්තේ ඉඩම් ආරවුලක් බව සඳහන්.

එමෙන්ම හෙට්ටිපොල - හල්මිල්ල වැව නිවසක තිබී ඊයේ රාත්‍රියේ වෙඩි වැදී  මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගනු ලැබුවා.

50 හැවිරිදි මෙම පුද්ගලයා බරපතල රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිට ඇති අතර, ඔහු සියදිවි හානිකරගන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මේ අතර අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන බුම්බා සහ පොඩි සුරේෂ් නැමැත්තාගේ සමීපතමයා, තවත් මනුෂ්‍ය ඝාතන සිද්ධීන් කිහිපයකට සම්බන්ධ බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය 24 වනදායි.   



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories