බදියුදීන්ගේ බිරිඳ අදත් CIDයට

Thursday, 27 February 2020 - 13:02

%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+CID%E0%B6%BA%E0%B6%A7
කොළඹ ඉසිපතන මාවතේ නිවසකින් හමු වූ ඉඩම් ඔප්පු සහ රුපියල් කෝටි ගණනක ලියවිලි සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ අද දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා.

එම ස්ථානයේ සිටින හිරු  වාර්තාකරු සඳහන් කළේ උදෑසන 10යි 40ට පමණ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි.

මෙම සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය මුල්වරට ඊයේ දිනයේදී එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර එහිදී පැය පහක් ප්‍රශ්ණ කර තිබුණා.

මෙම නිවසින් හමුවූ ඔප්පු අතර වැඩි සංඛ්‍යාවක් බදියුදීන්ගේ බිරිඳගේ නමට තිබූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශණවලදී අනාවරණය වී තිබුණේ.

එමෙන්ම මෙම සිද්ධියට අදාල නඩුව පසුගියදා කැදවූ අවස්ථාවේදී අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ බිරිඳගෙන් ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories