සූරියවැව දී ක්‍රීඩාලෝලීන්ට පහරදුන් සිද්ධියට ශ්‍රී ලංකා ක්‍රිකට් සමාව අයදී - ඇමති පරීක්ෂණයක් ඉල්ලයි (වීඩියෝ)

Thursday, 27 February 2020 - 15:11

%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%93+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ ඊයේ පැවති දෙවන එක්දින තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලීන්ට ප්‍රවේශපත්‍ර කවුළුව අසලදී සිදුවූ ප්‍රහාරය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ක්‍රිකට් ආයතනයට නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධිය කිසිසේත් අනුමත නොකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා කොළඹ අද කැදවා තිබු මාධ්‍ය හමුවකදි ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙලෙස සමාව අයැද සිටියා.

වසර 05කට පසු හම්බන්තොට සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ ඊයේ පැවති දිවා රාත්‍රි එක්දින තරඟය නැරඹිමට පැමිණීි  ක්‍රීඩා ලෝලීින් ක්‍රීඩාපිටියට ඇතුලත් කරගැනිම සදහා ක්‍රිකට් බලධාරින් විවෘත කර තිබුණේ දොරටු දෙකක් පමණයි.

ඒ හේතුවෙන් ඇතිවු තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ආරක්ෂක නිලධාරින් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ද මැදිහත් වුනා.

එහිදී ක්‍රීඩා ලෝලීන්ට පහරදීමක් සිදුවුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මේ පිළිබඳව පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

මෙම සිද්ධිය පිළිබද වහාම පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නියෝග කල බවයි විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සදහන් කලේ.

එම වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලබාදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories