සජිත් පාර්ශවය තවත් සාකච්ඡාවක - එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ

Friday, 28 February 2020 - 7:47

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ හමුවක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව රාත්‍රි අටට පමණ ආරම්භ වූ බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

මාර්තු මස 02 වනදා නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන සමගි ජනබලවේගයේ සමාරම්භක උත්සවයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. එමෙන්ම, ඉදිරි මහ මැතිවරණය පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්.

මේ අතර, ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන සමගි ජන බලවේගයේ ලකුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ප්‍රකාශයට පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය හදිසි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

පස්වරු 04 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories