කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය 7 වන දා

Friday, 28 February 2020 - 8:17

%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%96%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A+%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%B1%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+7+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F
කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය ලබන 7 වන දා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මෙවර පැවැත්වෙන වාර්ෂික දේව මෙහෙය සඳහා ඉන්දීය බැතිමතුන් 3000ක් සහ දේශීය බැතිමතුන් 7000ක් පමණ සහභාගි වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

මෙම මංගල්‍යය සඳහා අවශ්‍ය විදුලිබලය, සනීපාරක්ෂක පහසුම් ඇතුළු සියළුම යටිතල පහසුකම් සපයා ඇති අතර බැතිමතුන් ප්‍රවාහන කිරීම සඳහා අවශ්‍ය ප්‍රවාහන කටයුතු උතුරු පළාත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා එක්ව සිදුකරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories