MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

Friday, 28 February 2020 - 10:33

MCC+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද උදෑසන පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ගිවිසුම පිළිබඳව සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩලය මෙම තීරණයට එළඹුණු බවයි.

අදාළ ගිවිසුම මගින් ජාතික ආරක්ෂාවට බලපෑම් සිදුවන බවට මෙන්ම එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කරන බවට අදාළ විද්වත් කමිටුව පෙන්වා දී ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේ.

මෙහිදී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ගුරු - විදුහල්පති වැටුප් විෂමතා එළඹෙන මහමැතිවරණයෙන් පසු පිහිටුවන නව රජයක් මඟින් විසදීමට අමාත්‍ය මණ්ඩලය තීන්දු කළ බවයි.

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා නැවත අය කර ගනු නොලබන ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 85ක්) සැපයීමට නියමිත බව පැවසුන අතර එය ව්‍යාපෘති ආධාර වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 447.5ක් සහ පහසුකම් සැපයීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 32.5ක්ද වශයෙන් බෙදී තිබුණා.

මෙම ආධාර මුදල ලබා දෙන්නේ ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා බවද සඳහන් වුනා.

එකක් වන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියයි.

මේ යටතේ මධ්‍යම වටරවුම් මාර්ග ජාලයට (Central Ring Road Network) ඇතුළත් ප්‍රදේශවල මාර්ග නවීකරණය කිරීම, මාර්ග තදබදය කළමනාකරණය කිරීම, පොදු බස් රථ සේවාව නවීකරණය කිරීම, මාර්ග තදබදය පාලනය කිරීම සදහා ප්‍රවාහන කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීම ආදී කාර්යයන් සිදු කිරීමට නියමිත බව ප්‍රකාශ කෙරුනා.

ඉඩම් ව්‍යාපෘතිය දෙවැන්න වන අතර මේ යටතේ තෝරාගත් දිස්ත්‍රික්ක 12ක රජයට අයත් සහ අයිතිකරුවන් සහිත ඉඩම් මැන නිසි ඔප්පුවක් නොමැතිව බලපත්‍ර මගින් ඉඩම් අයිතිය ලබාගෙන සිටින පුද්ගලයින්ට නිසි ඔප්පු ලබා දීමත්, ඉඩම් ඔප්පු ඩිජිටල්කරණය හරහා වාර්තා පවත්වාගෙන යාමත් අපේක්ෂා කෙරුනා.

මෙම ගිවිසුම්ගත ආධාර සැපයීම සදහා සලකා බැලෙන නිර්ණායක කිහිපයක් ද ඇති අතර එනම්, ආර්ථික නිදහස, සාධාරණ පාලනය, මහ ජනතාව වෙනුවෙන් කරන ආයෝජන ආදියයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories