අජිත් ප්‍රසන්න මාර්තු 10 වන දා දක්වා යළි රිමාන්ඩ්

Friday, 28 February 2020 - 14:49

%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+10+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අධිකරණයට අපහාස කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු 3 දෙනෙකු ලබන මස 10 වන දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළව අධිකරණයේ විභාග වන නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා අධිකරණයට අපහාස කිරීම සහ නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකිරීම සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

අජිත් ප්‍රසන්නට අමතරව හිටපු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙකුට මීට අදාළව චෝදනා එල්ල වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories