රුපියල් කෝටි 3කට වැඩි හෙරොයින් තොගයක් රාජගිරිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රී 8ට පමණ රාජගිරිය - කොස්වත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 257ක් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
එහිදී සැකකරු ළඟ තිබී රුපියල් 40,120ක මුදලක් ද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් භාරයට ගෙන තිබූ අතර සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ තවත් හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 10ක් සොයාගෙන තිබෙනවා.
ඒ, රාජගිරිය - කලපළුවාව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදියි.
එහිදී ද සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් දෙදෙනා දින 7ක් රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැදවුම් නියෝග ලබා ගැනීමට ද නියමිතයි.

Follow US
Most Viewed Stories