කෝටි 3ක හෙරොයින් රාජගිරියෙන් සොයා ගැනේ - (ඡායාරූප)

Saturday, 29 February 2020 - 7:21

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+3%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
රුපියල් කෝටි 3කට වැඩි හෙරොයින් තොගයක් රාජගිරිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී 8ට පමණ රාජගිරිය - කොස්වත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 257ක් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී සැකකරු ළඟ තිබී රුපියල් 40,120ක මුදලක් ද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් භාරයට ගෙන තිබූ අතර සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ තවත් හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 10ක් සොයාගෙන තිබෙනවා.

ඒ, රාජගිරිය - කලපළුවාව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදියි.

එහිදී ද සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් දෙදෙනා දින 7ක් රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැදවුම් නියෝග ලබා ගැනීමට ද නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories