නාම යෝජනා කමිටුවේ සභාපති මමයි - සජිත් කියයි - කොළඹින් ඉදිරිපත්වීම ගැනත් ඉඟියක්

Saturday, 29 February 2020 - 12:49

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සමගි ජන බලවේගයේ නාම යෝජනා මණ්ඩලයේ සභාපතිවරයා තමන් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

හෝමාගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළ අතර ඉදිරි මහ මැතිවරණයේ දී තරඟ කරන දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් ද එහිදී ඔහු ඉඟියක් පළ කළා.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ නාම යෝජනා සහ සන්ධානයේ නාම යෝජනා අනුමත කරන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් බවයි.

මේ අතර, සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමඟි ජනබලවේගයේ ව්‍යවස්ථාවට සංශෝධන කිහිපයක් එක් කර නැවත අනුමැතියට ඉදිරිපත් කළයුතු බවට ඊයේ පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය වුණා.

කෙසේ වෙතත්, එම සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට ඊයේ දිනයේදීත් හැකියාවක් ලැබී නැහැ.

ඒ සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් හෙට එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories