මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 86 දක්වා ඉහළට

Monday, 23 March 2020 - 8:02

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+86+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ඇය කියා සිටියේ ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 9 දෙනෙකු සොයාගත් බවයි.

මේ අතර කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුර පළාත හැර සෙසු දිස්ත්‍රික්කවල පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන 6ට ඉවත් කිරීමෙන් පසුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ වනවිට දැඩි තදබදයක් පවතින බව ප්‍රදේශයේ අප වාර්තාකරු සඳහන් කළා.

ඔහු කියා සිටියේ වෙළඳුන් සහ ජනතාව වැඩි පිරිසක් මේ වනවිට ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති අතර, ඔවුන් ආරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් තොරව හැසිරීම හේතුවෙන් මෙම තදබදය නිර්මාණය වී ඇති බවයි.

එමෙන්ම අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් ජේ.කේ.එස්.එල්. රාජදාස සඳහන් කළේ අවශ්‍ය ප්‍රමාණයට ආහාර ද්‍රව්‍ය මේ වනවිට වෙළඳපොලේ පවතින බවයි.

මේ අතර කොරෝනා වෛරසයට එරෙහිව චීනය සිදුකරන සටන සෙසු රටවලට බලාපොරොත්තුවක් ලබාදෙන්නක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ටෙඞ්රොස් ඇඩනම් පවසනවා.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේ ඇතැම් විශේෂඥ පිරිස් චීනයේ සාර්ථකත්වයට වටිනාකමක් ලබාදීමට එරෙහිව විවිධ මත පළ කරමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ගතවූ දින හතරක කාලය තුළ චීනයෙන් වාර්තාවී ඇත්තේ එක් නව ආසාදිතයෙකු පමණක් වන අතර, එය වූහාන් නගරයේ කොරෝනා වසංගතයේ ආරම්භක අවදියත් සමඟ සසඳා බැලීමේදී කැපී පෙනෙන තත්වයක් වනවා.

කෙසේ වෙතත් චීනයේ උපාය මාර්ග වෙනත් රටවලට, විශේෂයෙන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට අනුගමනය කළ හැකිද යන්න පිළිබඳ ඇතැම් රටවල් තවදුරටත් ප්‍රශ්න කර සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories