වෙනිසියුලා ජනාධිපති මධුරෝ අත්අඩංගුවට ගන්න, ඇමරිකාවෙන් ඩොලර් මිලියන 15ක්

Friday, 27 March 2020 - 13:16

%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%BD%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B7%9D+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+15%E0%B6%9A%E0%B7%8A
වෙනිසියුලානු ජනාධිපති නිකලස් මධූරෝ ඇමරිකා එක්සත් ජනපදය වෙත මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ඉඩ සැලසූ බවට ට්‍රම්ප් පරිපාලනය විසින් චෝදනා ගොනු කර තිබෙනවා.

ඒ අනුව මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය යටතේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරක් සපයන්නෙකුට ඩොලර් මිලියන 15ක තිළිණයක් පිරිනමන බවයි එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

කාටෙල් ඔෆ් සන්ස් නැමති මත්ද්‍රව්‍ය පාතාල කල්ලිය ඇමරිකා එක්සත් ජනපදය වෙත පසුගිය දශක දෙක පුරා ටොන් 100 ගණනක් කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

ඔවුන් වෙනිසියුලාවේ මධුරෝ රජය සමඟ එක්ව කටයුතු කරන බව ඇමරිකාවේ විශ්වාසයයි.

එම මත්ද්‍රව්‍ය කල්ලිය ඇමරිකා එක්සත් ජනපදය විසින් ත්‍රස්ත කල්ලියක් ලෙස හඳුන්වන ෆාක් සංවිධානය සමඟ ද සබඳතා පවත්වන බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories