බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුට COVID 19 බෝ කළේ සුරූපී ගායිකා කනිකා කපූර්ද? - (ඡායාරූප)

Saturday, 28 March 2020 - 9:29

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%94%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+COVID+19+%E0%B6%B6%E0%B7%9D+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%93+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%3F+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුන් කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වන්නට ඇත්තේ ඉන්දීය ගායිකා කනිකා කපූර්ගෙන් යැයි සැක පහළ වී තිබෙනවා.

කනිකා කපූර් කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වුයේ චාල්ස් කුමරු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමට දින කිහිපයකට පෙරයි.

කනිකා කපූර් පසුගියදා ලන්ඩන් නුවරට පැමිණ සිටි අතර ඇය ලන්ඩනයේ පැවති එළිමහන් සාදයකදී චාල්ස් කුමරුව හමුවී තිබෙනවා.

41 හැවිරිදි ගායිකාව කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වූයේ ඇය ආපසු ඉන්දියාවට යෑමෙන් පසුවයි.

71 හැවිරිදි චාල්ස් කුමරුත් කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වුයේ පසුගිය 25 වන දිනයි. ඒ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් හේතුවෙනුයි.

චාල්ස් කුමරු ලන්ඩන් නුවරදී ආසාදිත පරීක්ෂණයකට යොමු කර ඇත්තේ සෙසු බ්‍රිතාන්‍ය වැසියන් සමඟ බව වාර්තා වනවා.

තමන්ගේ වාරය පැමිණෙන තුරු පරීක්ෂණය කිරීමට කුමරු කැමැත්ත පළ කර තිබුණු බව බ්‍රිතාන්‍ය පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබුණා.

මේ අතර කනිකා කපූර් මුණ ගැසුණු ඉන්දීය හිටපු මහඇමතිනියකටත් කොරෝනා වැළඳී ඇති බව පසුගිය දිනෙක ඉන්දීය මාධ්‍ය වාර්තා තහවුරු කළා.

කනිකා කපූර්ගේ නොසැලකිල්ල හේතුවෙන් පොලිසිය ඇයට නඩු පවරා ඇති බව ද සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories