අටලූගම ආසාදිතයාගේ පියා සහ සහෝදරියත් රෝහලට - ඇසුරු කළ ගමේ 26 ක් හඳුනා ගැනේ (වීඩියෝ)

Saturday, 28 March 2020 - 13:18

%E0%B6%85%E0%B6%A7%E0%B6%BD%E0%B7%96%E0%B6%9C%E0%B6%B8+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+-+%E0%B6%87%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9C%E0%B6%B8%E0%B7%9A+26+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
බණ්ඩාරගම - අටලූගම ප්‍රදේශයෙන් හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරියක කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් අද කළුතර - නාගොඩ රෝහලට ඇතුළත් කළා.

ඔවුන් දෙදෙනා මේ වනවිට වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන බවයි වාර්තා වන්නේ.

කොරෝනා ආසාදිත අදාළ පුද්ගලයා හඳුනා ගැනීමත් සමග අටලූගම ගම්මානය ඊයේ සිට වසා දමා බාහිර සබඳතා වලින් හුදකලා කිරීමට රජය පියවර ගනු ලැබුවා.

ඒ අනුව, අටලූගම ප්‍රදේශයට ඇතුළු වීමට ඇති මාර්ග 8ක්, පොලිස් මාර්ග බාධක යොදා අවහිර කර ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය දින 6ක් පුරා අදාළ රෝගියා ගැවසුණ ස්ථාන හඳුනාගෙන එම ස්ථානවලට ජනතාවට ප්‍රවේශ වීමට ඉඩ ලබා නොදීමට ද අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, ඔහු ඇසුරු කළ පුද්ගලයන් 26 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් 20 දෙනෙකු අද මූලික වෛද්‍ය පරීක්ෂාවකට ලක් කළා.

අනතුරුව ඔවුන් බණ්ඩාරගම ප්‍රදේශයේ සර්වෝදය මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories