General29 March 2020

කොරෝනා වෛරසයෙන් ලන්ඩනයේදී ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු මරුට

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලන්ඩනයේදී තවත් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබෙනවා.

70 හැවිරිදි ඔහු විශ්‍රාමික වෛද්‍යවරයෙකු වන හෙන්රි ජයවර්ධන ලෙසට හඳුනාගෙන ඇති බවයි හෙළිවී ඇත්තේ.

කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් ලන්ඩනයේදී මියගිය දෙවන ලාංකිකයා ද මෙම පුද්ගලයායි.

ඊයේ දිනයේදී ද වෛරසය ආසාදනයෙන් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ලන්ඩනයේදී මරණයට පත් වුනා.

මහරගම වත්තෙගෙදර ප්‍රදේශයේ වයස අවුරුදු 55ක් වන ලක්ෂේන් විජේරත්න නම් ඔහු ලන්ඩනයේ ෆෙල්තම්හි පදිංචිව සිට ඇති බවයි වාර්තා වන්නේ.

දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන ඔහු කොරෝනා වෛරසය ආසාදනයෙන් පසු දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

මේ අතර පසුගියදා ස්විට්සර්ලන්තයේදී කොරෝනා වෛරසය ආසාදනයෙන් 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මරණයට පත්වුනා.

වෛරසය ආසාදනයෙන් මියගිය පළමු ශ්‍රී ලාංකිකයා ද ඔහුයි.

ඔහු යාපනය පුන්කුඩුතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Related recommendation
Hiru TV News | Programmes