කොරෝනා ආසාදනය වී ශ්‍රී ලංකාවේ දී මියගිය පළමු පුද්ගලයාගේ දේහය ආදාහනය කෙරේ (වීඩියෝ)

Sunday, 29 March 2020 - 13:03

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරටදී මියගිය පළමු ශ්‍රී ලාංකිකයාගේ ආදාහන කටයුතු කොටිකාවත්ත - මුල්ලේරියාව ආදාහනාගාරයේදී අද සිදු කෙරුනා.

ඒ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ සෞඛ්‍ය අංශවල පූර්ණ අධීක්ෂණය යටතේයි.

මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් දෙදෙනෙකු ආදාහන කටයුතු සිදුකෙරුණු ස්ථානයට පැමිිණ සිටි බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ආදාහන කටයුතු සිදුකිරීමට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම කටයුත්ත සිදුකරන සේවකයින්ට උපදෙස් ලබාදෙනු ලැබුවා.

කොරෝනා වෛරසය ආසාදනය වී ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ මෙම පුද්ගලයා 60 හැවිරිදි මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සංචාරක මග පෙන්වන්නෙකු වන මෙම පුද්ගලයා වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියාව හා අධික රුධිර පීඩනයෙන් පෙළුණු අයෙකුද වනවා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ පුද්ගලයින් 117 දෙනෙකු මේ වනවිට සෞඛ්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවන බවයි.

තහවුරු කළ කොරෝනා රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 29ක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් 17ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 11ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 10 දෙනෙකු වාර්තාවී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories