ඕස්ට්‍රේලියාව ගෘහස්ත හිංසනය මැඩලීමට ඩොලර් මිලියන 100ක් වෙන් කරයි

Sunday, 29 March 2020 - 14:29

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%98%E0%B7%84%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B7%84%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+100%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසය හේතුවෙන් නගර, ගම්දනව් වසා දැමීම නිසා ඉහළ ගොස් ඇති ගෘහස්ථ හිංසනය මැඩලීමේ කටයුතුවලට සහය වීම සඳහා ඕස්ට්‍රේලියාව ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වෙන් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේ කොවිඞ් නයින්ටීන් ව්‍යාප්තිය වැළැක්වීමට  ඕස්ට්‍රේලියාව පුරා අත්‍යාවශ්‍ය නොවන සේවා නතර කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනයට ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය ඔස්සේ සහය සොයන සංඛ්‍යාව සියයට 75කින් ඉහළ ගොස් ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ ගෘහස්ත හිංසනයට එරෙහි ප්‍රධානතම සහන සංවිධානය ද තමන්ගේ සහය පතන කාන්තාවන් සංඛ්‍යාව සියයට 40කින් ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කළා.

ඕස්ට්‍රේලියාව විසින් කොවිඞ් නයින්ටීන් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා  ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 1.1ක් ද වෙන් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව 4000ක් පමණ වන අතර එරටින් මරණ 16ක් ද වාර්තා වනවා. කෙසේ නමුත්, සමාජ දුරස්ථභාවය ප්‍රවර්ධනය කිරීම ඇතුළු සෞඛ්‍යමය පියවර තුළින්  ඕස්ට්‍රේලියාවේ කොවිඞ් නයින්ටීන් ව්‍යාප්ත වීමේ වේගය අඩු වී ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories