පැය 6ක් තුළ ඇඳිරි නීතිය කැඩූ 206ක් අත්අඩංගුවට

Sunday, 29 March 2020 - 15:44

%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%96+206%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා පැය 6ක කාලසීමාව තුළ ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 206 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව වාහන 56ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවටයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

ඒ අනුව පසුගිය 20 වන දා සිට අද දහවල් 12 තෙක් ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 6247ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම, වාහන 1533ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියා සිටියේ.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories