කොරෝනා නිසා පළමු රාජකීය මරණය පැරීසියෙන්

Sunday, 29 March 2020 - 16:08

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
කොරෝනා වෛසරයෙන් මිය ගිය පළමු රාජකීයයා බවට පත්වෙමින් ස්පාඤ්ඤයේ මාරියා තෙරේසා කුමරිය පැරීසියේදී මිය ගොස් තිබෙනවා.

86 හැවිරිදි ඇය ප්‍රංශයේ සෝබෝන් සරසවියේ මහාචාර්යවරියක් ද වනවා.

ඇය ස්පාඤ්ඤයේ 6 වන ෆිලිප් රජුගේ ඥාතියෙකු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

6 වන ෆිලිප් රජුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කරනු ලැබූ පරීක්ෂණවලදී ඔහුට එම වෛසරය වැළදී නොමැති බවට තහවුරු වුණා.

ඊට සති කිහිපයකට පසුවයි ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණේ. ඇයගේ විවෘත අදහස් සහ ක්‍රියාකාරකම් හේතුවෙන් ඇය රතු කුමරිය යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වා තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories