ආසියා - පැසිෆික් කලාපයේ මහා පරිමාණ කොවිඩ් -19 වසංගත අවදානම තවදුරටත්

Tuesday, 31 March 2020 - 14:20

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B6%B4%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B7%86%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+-19+%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
ආසියා පැසිෆික් කලාපයේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය අවසන් වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි කලාපීය අධ්‍යක්ෂ ටකේෂි කසායි ප්‍රකාශ කළේ වෛරසය පාලනය කිරීම සඳහා කලාපයේ රජයන් ගෙන ඇති පියවර මහා පරිමාණයෙන් ප්‍රජාවන් අතර සම්ප්‍රේෂණයකදී ප්‍රමාණවත් නොවන බවයි.

දැඩි සීමාවන් මධ්‍යයේ වුවද ගෝලීය වසංගතය පවතින තාක් ආසියා - පැසිෆික් කලාපීය රටවල වෛරසය මහා පරිමාණයෙන් පැතිර යාමේ අවදානම පහව යන්නේ නැහැ.

මේ නිසා මහා පරිමාණ සම්ප්‍රේෂණයකට මුහුණදීම සඳහා සියල්ලන් සූදානම්ව සිටිය යුතු බව ඔහු ප්‍රකාශ කළේ වීඩියෝ මාධ්‍ය හමුවකට එක්වෙමින්. වෛරසයේ ව්‍යාප්තිය යම් මට්ටමකට පාලනය වී ඇති රටවල් ද දැඩි සීමාවන් ඉවත් නොකළ යුතුයි.

ඒ, වෛරසය නැවතත් මතුවී මහා පරිමාණයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින නිසා බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories